මේ තමයි අපේ අධ්යාපනයේ තිත්ත ඇත්ත…
ඊයෙ කතා කරපු මවක් අහනවා එයාගෙ අවුරුදු පහක් වුණ පුංචි දරුවාට මානසිකව වෙනසක් තියෙනවා…ඒකට මොකද කරන්නේ කියලා….? දරුවා හැමදේම ගැන අනවශ්‍ය විදියට හොයනවා, බලනවා කියල අම්මා කියනවා… වාහනය වැඩ කරන හැටි බලන්න තාත්තා වගේ එයත් උත්සාහ කරනවලු. ආච්චිගෙ දත් කුට්ටම දරුවා අරගෙන හොයලා බලනවාලු ඒක හැදිලා තියෙන හැටි…. සමනලයා මලෙන් පැනි බොන්නෙ කොහොමද ? හද වැටෙන්නෙ නැතුව අහසෙ තියෙන්නෙ කොහොමද අහනවලු…..සෙල්ලම් බඩු කඩමින් ඒකේ ඇතුලේ වැඩ කරන හැටි තමයි දරුවා හොයන්නෙ….ඉතින් හැමදේම වියදම් කරලා මේ දරුවා වෙනුවෙන් මහන්සි වුනත් කිසිම දේක අගයක් නෑ කියලයි මේ අම්මා කියන්නේ….
ඔබේ තුරුලේ නැලවෙන ඔය පුංචි දරුවා අතිශය බුද්ධිමත් විද්යාඥයෙක් වගේ ප්රශ්න අහන කෙනෙක් කියලා ඔබ හිතන්නේ නෑ…. ඔබ දකින්නේ දරුවගේ නොතේරුම්කම, අනවශ්‍ය කුතුහලය ලෙඩක්ද කියලයි. “හැමදේම පුතා ලොකු උනාම ඉගෙන ගනී” කියලයි අම්මා තාත්තා දරුවාගේ කුතුහලයෙන් අහන ප්රශ්නවලින් යන්තම් මග ඇරගන්නෙ…. ඒත් දරුවාගේ සැබෑ බුද්ධිය පවතින මේ ළමා වියේදී එයාගේ පවතින කුතුහලය අපේ අධ්යාපනය විසින් මරා දානවා කියලා දෙමව්පියන් දන්නෙ නෑ…..දෙමවුපියන් දැනුවත් නැහැ මේ වගේ දේවල් වලට උත්තර දීලා දරුවා හරි මාර්ගයක ගෙනියන්න…රටේ තියෙන හොදම පාසලට දැම්මහම දරුවන් හැම දෙයක්ම හරි විදිහට ඉගෙන ගනියි කියලා දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා…
දරුවෙක් පුංචිකාලේ ප්රශ්න ගොඩාක් අහන්නෙ ඇයි? හැම දෙයක්ම හැදුණු හැටි දැනගන්න දරුවාට ඕනෙ…දරුවාට හමුවෙන හැම වැඩිහිටියෙකුගෙන්ම එයා මේ දේවල් විමසනවා..ඒත් මේ අධ්යාපනයෙන්ම ගොඩනැගුනු වැඩිහිටියන් වුණු දෙමව්පියන්ටත් මේ දේවල් වලට උත්තර දෙන්න සමහරවිට දන්නේ නැහැ!
ළදරු පාසැලේදී දරුවාට වැඩිහිටියන් විසින් තීරණය කළ රාමුවක් ඇතුලේ උගන්වන්න පටන් ගන්නවා…A for Apple කියලා කට පාඩමින් පටන් ගත්තු අධ්යාපනය තුළ දරුවාගේ ප්රශ්න ඇසීම ක්රමක්රමයෙන් නවතිනවා….අද ඔබෙන් ඇහුවොත් A අකුරෙන් පටන් ගන්න වචනයක්….? Apple වලින් එහා යන්න මතක් වෙන්නෙ නැති හැටි බලන්න. අපිව සීමා කරලා…
බුද්ධිමත් මව්පියන් විදියට ඔබ මේ අධ්යාපන රැල්ලෙන් ඔබේ දරුවන් බේරාගන්න. ශිෂ්යත්වය, A 9, A 3, Island rank කියන්නෙ බුද්ධිය මනින ක්රමයක් නොවෙයි, කටපාඩම් කළ තරම මනින ක්රමයක් විතරයි දරුවන් සමබර නොවුනොත්! විධිමත් කියන අධ්යාපනය ( රාමු කළ සීමාව) එක්කම දරුවන්ගේ චින්තනය මොට වී යන්න නොදී…ඔහුගේ සැබෑ බුද්ධිය රැකගන්න. සමබර වෙන්න කියා දෙන්න.
STEP FORWARD අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ හිතන්න පුළුවන් මිනිසුන් බිහි කරන්න. දකුණු මොළයේ වර්ධනය වැඩි කරන්න. ඒ තමයි නිර්මාණාත්මක බුද්ධිය. Creative Brain. 13 වසරක අධ්යාපනයෙන් පසු..මිනිසත්කම නොදන්නා රොබෝවරු බිහිවීමේ ඛේදවාචකයෙන් ඔබේ දරුවා ගලවාගන්න. 🙏
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0715750525 වැඩිදුර විස්තර අවශ්‍ය අය වෙනුවෙන්
Fb group
:https://www.facebook.com/groups/400541487237199/?ref=share
Fb page:https://www.facebook.com/stepforward24/
Bookshttps://www.facebook.com/stepforwardbooks/
Website :www.stepforwardlanka.com
0 Comments:
Post a Comment