F STEP FORWARD පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 



වෙලාවකට හැම දේම එපා වෙනවා කියලා කියන අය, ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතන අය, ජීවිතය නැති කරගන්න තැනටම ආව අය ඔබ අතර ඇති. කොහොම වුනත් එක දෙයක් විශ්වාසයි. කිසියම් හෝ ජීවිත ගැටලුවකට ඔබ, මම, අපි හැමෝම කවදා හෝ මුහුණ දීපු බව නම් ඒකාන්තයි.

මේ ජීවිත ගැටලු එන්නෙ කලින් කියලා නෙමෙයි. කවදාවත් බලාපොරොත්තු නොවුනු දෙයක් තමයි කඩාගෙන වැටෙන්නේ වෙලාවට ඇයි අපි මේ තරම් සැලෙන්නේ??

සමහරවිට මීට කලිනුත් ඔබ ගැටලු වලට මුහුණ නොදුන්නා නොවෙයි. ඒත් ඒවා දරාගත්තා..ශක්තිමත්ව මුහුණ දුන්නා..වෙනත් අයට එන ප්රශ්න වලදී ඔබයි ඒවා විසදාගන්න උදව් වුනේඑහෙනම් ඇයි මේ ගැටලුව දරා ගන්න බැරි????

මෙන්න මෙතැන තමයි අවබෝධ කරගන්න ඕනේ කාරණාව තියෙන්නේමෙන්න මේ ගැටලුව ආව තැන තමයි ඔබේ පැත්තෙන් ඔබ දුර්වල තැන. එතැන තමයි මේ ජීවිතය ඔබට උගන්වන්න උත්සාහ කරන පාඩම තියෙන්නේ

ඔබට මෙන්න මෙහෙම අත්දැකීම් තියෙනවද? ගැටලුකාරී කාල සීමාව කෙසේ හෝ ගෙවලා නිමා කලාට පස්සේ හරිම ජයග්රාහී බවක්, ශක්තිමත් බවක්, නොසැලෙන බවක්, ඔබ ගැනම ආඩම්බරයක් දැනුනු අවස්තා ?? කියන්නෙ ඔබ පාඩම ඉගෙන ගෙන!….ඔබේ අඩුපාඩුව සකස් කරගෙන…! එහෙම නම් වරද තිබුනෙ බාහිර ප්රශ්නයේද?

ඔබව වඩාත්ම රිදවපු / රිදවන ගැටලුව ඔබට මේ ජීවිතයේ සාර්ථකම පාඩම උගන්වන බව දැන සිටින්න. කල්පනාකාරීව එයට මුහුණ දෙන්න.

ජීවිතය සමග පොර බැදීමට, ජීවිතය විනාශ කර ගැනීමට, මානසිකව වෙනස් වීමට නොගොස් මේ අපහසු කාලය නිමා කරන්න. සියල්ල වෙනස් වනු ඇත.

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

නිර්මාතෘ STEP FORWARD LANKA

 

Fb group :https://www.facebook.com/groups/400541487237199/?ref=share

Fb page:https://www.facebook.com/stepforward24/

Books https://www.facebook.com/stepforwardbooks/

Website :www.stepforwardlanka.com

CONVERSATION

0 Comments:

Post a Comment