F STEP FORWARD LANKA විශ්ව ආකර්ෂණීය සටහන් - Step forward Lanka

STEP FORWARD LANKA විශ්ව ආකර්ෂණීය සටහන්



පළමු පොත

 03 කොටස

පරිච්ඡේදය 02 – රහස පිළිබඳ සරල විග්රහය 

ඔබ සිතන ආකාරයට ,ඔබේ ජීවිතයේ යම් යම් දේ සිදුවන්නේ , ඔබේ වාසනාව හෝ අවාසනාව පදනම් කරගෙනද ? ඔබ සිතන ආකාරයට , ඔබේ නරක වෙලාව නිසා , ඔබට නොයෙකුත් කරදරවලට පත් වීමට සිදු වුණාද ? ඔබේ විශ්වාසයට අනුව , ඔබට සිදුවන දේ පාලනය කිරීමේ කිසිම හැකියාවක් ඔබ සතුව පවතින්නේ නැද්ද ?

එසේත් නැතිනම් , ඔබ සිතන්නේ , ඔබේ ජීවිතය ඔබේ දෑත මත ඇති බැවින් , ඔබට යහපත් දේ පමණක් සිදු වන බව ? තෝරා ගැනීමේ අයිතිය ඔබ සතුයිඔබ තෝරා ගන්නේ කුමක්ද , එය ඔබේ ජීවිතය තුළ ඔබ අත්දකින දේ බවට පත් වේවි ..

ඔබගේ නොවෙනස් වන සිතුවිලි හරහා , ඔබ විසින් ඔබ වෙත ළඟා කර ගන්නා අත්දැකීම් හැරුණු කළ , වෙනත් කිසිම දෙයකට ඔබ වෙත ළඟා ළඟාවීමේ හැකියාවක් නැත.. අප අතරින් බොහෝ දෙනෙකුට මේ කරුණ මගහැරිලා තිබෙනවාඅපි සිතන්නේ , අපේ ජීවිත තුළ සිදුවන දේ පාලනය කිරීමේ හැකියාවක් අපිට නැති බවයි

අපේ සිතුවිලි සහ හැඟීම් ස්වයංක්රීය පාලනයකින් යුක්තයි.. මේ නිසා අපි නොදැනුවත්වම , අපේ සිතුවිලි සහ හැඟීම් වල ප්රතිඵල අපේ ජීවිත වලට ඉබේම ළඟාවෙනවාදවස පුරා අප තුළ හටගන්නා සිතුවිලි එකක් එකක් පාසා විමසීම අපිට කළ නොහැකි දෙයක්අපේ සෑම සිතිවිල්ලක්ම පාලනය කිරීමට අපි උත්සාහ කළොත් එය ඉතාමත් වෙහෙසකර ක්රියාවක් වේවි

නමුත් පහසු ක්රමයක් තිබෙනවා තමයි අපේ හැඟීම් .. අපි සිතන්නේ කුමක් පිළිබඳව යන්න අපේ හැඟීම් විසින් අපිව දැනුවත් කරනවාඅපේ හැඟීම් ඇතුළුව , අපි අත් දකින සෑම දෙයක්ම සඳහා හේතුවන්නේ අපේ සිතුවිලියිඅපේ හැඟීම් යනු , අපි සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව අපව දැනුවත් කිරීම සඳහා අපට ලැබී ඇති වටිනා ත්යාගයක්

ඔබ තුළ යහපත් අයහපත් දෙයාකාරයෙන්ම හැඟීම් පවතිනවාඅයහපත් හැඟීමි යනු , වෛරය, විශාදය, අමනාපය ආදී දේය. ඇත්තෙන්ම මෙවැනි හැඟීම් ඔබව ශක්තිමත් කරන්නේ නැහැ .. ඔබ ඔබෙන්ම මෙසේ විමසන්න . “ඔබට දැනෙන්නේ කෙසේද ?” දවස අතරතුර ඕනෑම වෙලාවකදී, මොහොතක් නතර වී ,ඔබට ඔබෙන් මෙම ප්රශ්නය විමසිය හැකිය.. මෙමගින් ඔබ ඔබගේ හැඟීම් පිළිබඳව දැනුවත් වෙයි .. ඔබ තුළ යහපත් සිතුවිල්ලක් පවතින අතරතුරදී, අයහපත් හැඟීමක් ඇති වීමට කිසිදු හැකියාවක් නැති බව අවබෝධ කර ගැනීම මෙහිදී ඉතා වැදගත්මන්දයත් ඔබගේ හැඟීම් ඇති කරන්නේ ඔබගේ සිතුවිලි හරහාය.

සිතන්න , උද්යෝගිමත් බව , ප්රීතිමත් බව , ස්තුතිවන්ත බව , ආදරය , ආදිය අපිට දිනපතා දැනෙනවනම් එය කෙතරම් සුන්දර අත්දැකීමක් වේවි ? අපි මෙවැනි යහපත් හැඟීම් සමඟ ජීවත් වීමට පටන් ගත් විට ,තව තවත් යහපත් හැඟීම් සහ අප සතුටු කරවන තව තවත් දේ අප වෙත ආකර්ෂණය වීමට පටන් ගනියි.. ඔබ තුළ යහපත් හැඟීම් ඇතිවන විට , ඔබ විසින් ඔබගේ අවශ්යතාවන්ට සරිලන ආකාරයේ යහපත් අනාගතයක් නිර්මාණය කරනු ලබයි.. ඔබට යහපත් හැඟීමක් ඇතිවන අවස්ථාවලදී හැඟීම තදින් අල්ලාගන්න ,එමගින් පෝෂණය වන්න.. අපේ හැඟීම් යනු අප නිවැරැදි මාවතේ ගමන් කරනවාදැයි දැනගැනීමට අපට උදව් කරන ක්රියාවලියකි.. එසේනම් ,ඔබ තුළ අයහපත් හැඟීම් ඇතිවන විට , එය ඔබට විශ්වයෙන් ලැබෙන්නා වූ අනතුරු ඇඟවීමක් බව සිහියේ තබා ගන්න.. එමඟින් ඔබට පවසන්නේ ඔබ ඔබේ සිතිවිලි වහාම වෙනස් කරගත යුතු බවයි..

ජීවිතයේ සාර්ථකත්වය සඳහා සූදානමින් සිටින්න.. ඔබට අවශ් දෙය ළඟාකර ගැනීම සඳහා , සඳහා අවශ් හැඟීම් ඔබ තුළින් උත්පාදනය කර ගැනීම පවා ඔබට සිදු කළ හැකියඑනම් ඔබගේ අවශ්යතාවය සඳහා ගැලපෙන සංඛ්යාතයන් ඔබ තුළින්ම උත්පාදනය කිරීමට ඔබට හැකියාව ඇත..

 M.B. Beckwith පවසන ආකාරයට ; “..ඔබ ඉතාම සෞඛ් සම්පන්න යැයි ලෙස හැඟීමට, ඔබ ඉතාම සෞභාග්යමත් යැයි ලෙස හැඟීමට , ඔබ ආදරය ලබන බව හැඟීමට, ඔබට මේ දැන් ආරම්භ කළ හැකිය.. සඳහා සෞඛ් සම්පන්න බව, සෞභාග්යමත් බව හෝ ආදරය ඔබ ළඟ මේ අවස්ථා දී තිබීම අවශ් වන්නේ නැත.. නමුත් විශ්වය විසින් ඔබේ හැඟීමට ගැලපෙන පරිදි ක්රියාත්මක වීම ආරම්භ කරයි.. සුළු මොහොතක් ගෙන, ඔබට හැඟෙන්නේ කෙසේද කෙසේ යන්න පිළිබඳව කල්පනා කර බලන්න.. ඔබට අවශ් වන ආකාරයේ සතුටක් ඔබට මේ මොහොතේ දැනෙන්නෙ නැත්නම් , ඔබ තුළ සැඟවී ඇති යහපත් හැඟීම් උවමනාවෙන්ම මතුකර ගන්න.. හරහා ඔබට එම හැඟීම් ඉතා බලවත් ලෙස ඉහළ නංවාගැනීමට හැකිවෙනවා.. මෙය පුහුණු කල හැකි එක ආකාරයක් නම් මෙසේයි.. ඔබේ දෑස් වසා ගන්න. බාහිර පරිසරයේ ඇති ශබ්ද අදියෙන් හැකි තරම් ඔබේ මනස නිදහස් කරගන්න.. ඔබේ ඇතුලාන්ත හැඟීම් වෙත අවධානය යොමු කරන්නවිනාඩියක් පමණ කාලයක් සිනාමුසු මුහුණින් සිටින්න.. ඔබේ ජීවිතය තුළ ඔබේ සිතුවිලි නිසා සිදුවූ ඕනෑම දෙයක්, ඔබේ දැනුවත්භාවය තුළින් වෙනස් කරගත හැකි බව අවබෝධ කරගන්න.. ඕනෑම දෙයක් වෙනස් කිරීමේ බලය ඔබ සතුව පවතිනවා.. ඔබ ක්රියාත්මක වෙන ආකාරය අනුව ඔබ විසින් ඔබේ වූ විශ්වයක් නිර්මාණය කරමින් පවතිනවා..

 “Bob Proctor පවසන ආකාරයට , “ඔබ තුළ අසුබවාදී හැඟීමක් ඇති වන විට , ඔබට ක්ෂණිකව එය සුබවාදී හැඟීමක් බවට පත්කර පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා.. මෙවැනි අවස්ථාවකදී , හොඳ සංගීත පටයක් රස විඳින්න පටන් ගන්න.. එසේත් නැතිනම් හඬ නගා ගායනා කරන්න , එවිට ඔබේ අසුබවාදී හැඟීම් සුභවාදි හැඟීම් බවට පත්වේවි .. නැතිනම් , සුන්දර වූ යම් දෙයක් ගැන සිතන්න.. කුඩා දරුවෙක් ගැන, එසේත් නැතිනම් ඔබ බොහෝ සේ ආදරය කරන කෙනෙක් ගැන සිතන්න.. සිතුවිල්ල මත ඔබගේ අවධානය පවත්වාගන්න.. ඉන් පරිබාහිරව ඇතිවන සෑම සිතිවිල්ලක්ම වලක්වන්න.. මේ හරහා ඔබ තුළ යහපත් හැඟීම් ඇතිවීම ඇති වීම ආරම්භ වන බව මට ඉඳුරා පවසන්න පුළුවන්.. ඔබ තුළ සතුට ඇති කරන දේවල් වල ලැයිස්තුවක් නිරතුරුවම ඔබ ළඟ රහසිගතව තබා ගන්න.. මේ දේවල් හරහා ඔබට ක්ෂණිකව ඔබේ හැඟීම් වෙනස් කර ගත හැකියි.. එය සුන්දර මතකයක් ගැන වෙන්න පුළුවන්, අනාගත සිදුවීමක් ගැන ,විනෝද ජනක අවස්ථාවක් ගැන , සොබාදහම ගැන , ඔබ ආදරය කරන කෙනා ගැන , එසේත් නැතිනම් එය ඔබේ ප්රියතම සංගීත ඛණ්ඩය ගැන වෙන්නත් පුළුවන්.. මේ එක් එක් දෙයට , එක් එක් අවස්ථාවලදී ඔබේ හැඟීම් වෙනස් කිරීමේ හැකියාව ඇතමේ ලැයිස්තුවේ සඳහන් යම් දෙයක් ඔබ තුළ සතුට ඇති කිරීමට අසමත් වෙන අවස්ථාවකදී , ලැයිස්තුවේ ඇති වෙනත් දෙයක් තෝරාගන්න.. මේ හරහා ඔබේ හැඟීම් සුබවාදී බවට පත්කර ගැනීමට ඔබට ගත වන්නේ ඉතාම සුළු මොහොතක් පමණයි.. ඔබේ අවධානය වෙනස් වූ වහාම ඔබ තුලින් නිකුත් කරන සංඛ්යාතය අනුව වෙනස් වේවි..

සතුන් යනු හරිම අපූරු ජීවී කොට්ඨාශයක්.. ඔබේ හැඟීම් වඩාත් ඉහළ මට්ටමකට රැගෙන ඒමට ඔවුන්ට හැකියාව තිබෙනවා.. විශ්ව ආකර්ෂණීය නීතියට අනුව ඔබ වෙත යහපත ළඟාවීම සඳහා , ඔබේ සිතුවිලි වල සහ ආදරය එකතුවී සෑදෙන සංකලණය ඉතා වැදගත් වෙනවා.. ආදරය තුල ඇති බලයට වඩා විශාල වෙනත් කිසිම බලයක් මේ විශ්වය තුල පවතින්නේ නැහැ.. ආදරය පදනම් කරගෙන ඇතිවන හැඟීම් හරහා ජනනය වන සංඛ්යාතයන් යනු ,ඔබ තුළින් උත්පාදනය වන ඉතාමත් ඉහළ ගණයේ සංඛ්යාතයන් ලෙස හඳුන්වන්න පුළුවන්ඔබට හැකිනම් , ඔබේ සෑම සිතිවිල්ලක්ම ආදරයෙන් පුරවාලන්නට, ඔබට හැකිනම් හැකිනම් සෑම දෙයකටම , සෑම පුද්ගලයකුටම , නොපසුබටව ආදරය දක්වන්නට , ඔබේ ජීවිතය අනිවාර්යෙන්ම පරිවර්තනය වේවි.. ඔබේ සිතුවිලි වලින් තවත් කෙනෙකුට හානියක් කරන්න ඔබට හැකියාවක් නැහැ , එමගින් ඔබ හානියක් කරගන්නේ ඔබටමයි.. සිතන්න , ආදරය පදනම් කරගත් සිතුවිලි ඔබ සිතනවානම් , එහි ප්රයෝජනය කාටද ? ඔබටමයි .!

ඔබේ සිත නිරතුරුවම ආදරයෙන් පිරී පවතිනවා නම් , විශ්ව ආකර්ෂණීය නීතියට අනුව , ජීවිතයේ උපරිම මට්ටමට පැමිණීමට ඔබට හැකියාව තිබෙනවා.. එයට හේතුව , ඔබ ක්රියාත්මක වන්නේ විශ්වයේ ඉහලම සංඛ්යාතයන්ට අනුවයි .. ඔබ තුළ කෙතරම් ආදරයක් පවතිනවාද , එතරම් සුවිශාල වූ බලයක් මගින් විශ්වය විසින් ඔබව සන්නද්ධ කරනවා..

 “Charles Haanel පවසන ආකාරයට ; “විශ්ව ආකර්ෂණීය නීතිය යනු , “ආදරයහඳුන්වන තවත් නමක්.. මෙය විශ්වයේ පවතින සෑම දෙයක් මත එකසේ ක්රියාත්මක වෙන්නාවූ, සදාතනික නීතියක්.. මෙය සෑම දර්ශනයක් හරහාම , සෑම ආගමක් හරහාම මෙන්ම සෑම විද්යාත්මක පැහැදිලි කිරීමක් හරහාම ප්රකාශ කරනු ලබන පොදු ධර්මතාවයයි.. ආදරයේ නීතියෙන් පලායෑමට කිසිවෙකුට හැකියාවක් නැහැ.. ආදරය පදනම් කරගෙන උපදින කිසිම සිතුවිල්ලක් පරාජය කිරීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ ..”

 Marci Shimoff පවසන ආකාරයට; “ඔබ විසින් ඔබගේ සිතුවිලි සහ හැඟීම් පාලනය කරගත යුතු ආකාරය ඔබ අවබෝධ කරගත් විට, ඔබ විසින් ඔබගේ යතාර්ථය නිර්මාණය කරගත යුත්තේ කෙසේදැයි යන්න ඔබට තේරුම් ගන්න පුළුවන්එයයි ඔබේ නිදහස , එයයි ඔබ සතු මහා බලය..”

 Albert Einstein පැවසුවේ ; මිනිසකුට තමාගෙන් තමාගෙන් ඇසිය හැකි වඩාත්ම වැදගත්ම ප්රශ්නය නම්මා වටා පවතින විශ්වය මට මිතුරු ?”

 STEP FORWARD LANKA

 විශ්ව ආකර්ෂණීය සටහන්

 (සතියේ සෑම දිනකම පලවන සත් කතා, ස්වයං යෝජනා, LOA අනිකුත් සටහන් කියවන්නට step forward family island : fb group සමග එකතු වෙන්න)

 පරිවර්තනය කරමින් සකස් කළේ – STEP FORWARD TEAM

CONVERSATION

0 Comments:

Post a Comment