STEP FORWARD පරිවර්තනයේ සරසවිය
මිනිස්සු
මේ ලෝකෙ උපදින්නේ තමන්
බවට පත්වෙන්න….තමන්ගේ හොඳම ප්රතිරූපය
ගොඩනගාගන්න. ඒත් කීයෙන් කී
දෙනාටද තමන් මේ ලෝකෙට
ආව කාරණාව ඉෂ්ඨ කරන් යන්න
පුළුවන් ??
ඔබේ
කැදැල්ලේ අද වෙනකොට පුන්චි
දරුවන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ දරුවන් මේ
වෙද්දි ලොකු වෙලා වෙන්නත්
පුළුවන්…ඔබ දන්නවද මේ
හැම දරුවෙක්…ගැහැණු පිරිමි ඕනෑම කෙනෙක් …ඕනෑම
වයසක ඉන්න දරුවෙක්, තරුණයෙක්,
තරුණියක් තුළ වුණත් ඊළඟ
පරම්පරාව හැදෙන බීජ පවතින බව…ඒ අය අද
වෙනකොට එකතු කරගන්න හැම
දෙයක්ම, හැඟීම්, හැසිරීම්, කෑම බීම, ලබාගන්න
හුස්ම තුළ පවා ඊළඟ
පරම්පරාවට අවශ්‍ය ගුණාංග
පවතින බව… මේ හැම
දෙයක්ම එකතු වෙලා හැදෙන
පොඩිඑකාට නැත්නම් තරුණ දරුවාට ඔහු/
ඇය බවට පත් වෙන්න
ඉඩ දෙන්න….
ඔහුගේම
හැකියා එළිදක්වන්න, ඔහුට /ඇයට අවශ්‍ය
සැබෑ සතුට සොයා ගන්න
පරිසරය සකස් කරන්න මිස,
බලපෑම් කරන්න නම් හිතන්නවත් එපා!
එය අපරාධයක්!
දරුවාට
හිතන්න / කියන්න පුළුවන් නම්….” මට මම වෙන්න
අවශ්‍ය ආත්ම විශ්වාසය
මා තුළ පවතිනවා” කියලා…..ආන්න එදාට ඔබ
සැබෑම බුද්ධිමත් දෙමව්පියන් විදියට ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම අම්මෙක්, තාත්තෙක්,
වැඩිහිටියෙක් වෙන්න අවංකවම උත්සාහ කරන්න.
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය
මනෝවිද්යා උපදේශිකා
0715750525
(මටත්
ආඩම්බරයි…මේ චිත්රය
මගේ දියණියගේ නිසා)😃🌻
0 Comments:
Post a Comment