F සතුට සහ ආදරය - Step forward Lanka

සතුට සහ ආදරය


 

සතුට සහ ආදරය

 

STEP FORWARD

පරිවර්තනයේ සරසවිය

සතුට සහ ආදරය

 

ඔබේ ජීවිතයේ අවසාන ඉලක්කය විය යුත්තේ සැමට කාරුණික වීමයි….. සැමට ආදරණීය අයෙක් වීමයි…..

 

අප මහා බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ ලෙස අපි හඳුන්වනවාඋන්වහන්සේ ළඟ කිසිම භේදයක්, වෙනසක් තිබුනේ නෑ….හැම දෙනාටම එක වගේ කාරුණික වුණා…. එක වගේ ආදරණීය වුණා…..අපේ අරමුණ ඉලක්කය විය යුත්තේ අපට හැකි උපරිම අයුරින් අප වටා සිටින අයට කාරුණික වෙමින් ආදරණීය අයෙක් වීමයි.

 

අපේ සිත පිරී ඉතිරී යන තරමට ආදරය දිය හැකි නම් අප වටා සිටින සියලු දෙනාම සතුටින් සිටිනු ඇති. නමුත් බොහෝ දෙනෙකුට පවතින ප්රශ්නය නම් එසේ කරන්නට නොහැකි වීමයි. තමන්ට තරහ යන නිසා, අනිත් අය කරන දේවල් වලින් හිත රිද්දා ගන්නා නිසා මේ අයුරින් කාරුණික වීමට බොහෝ දෙනෙකුට නොහැකි වෙලා තියෙනවා…..

 

සමහරවිට අපි අපි එක්කම තරහයි. සමහරවිට අපිට අපේ වටපිටාවෙ ඉන්න අය රුස්සන්නේ නැහැසමහර අය කරන දේවල් නිසා අපිට කේන්ති යනවාමේ හැමදේකටම හේතුව බැඳීම! අපි තුළ පවතින මමත්වය….”මමවගේ කෙනෙකුට එහෙම කියන්න එයාට අයිතියක් නැහැ! “මමවගේ කෙනෙකුට එහෙම කරන්න එයාට අයිතියක් නැහැ! කියලා අපි හිතනවා වගේමමගේඅය මට රිදවනවා කියලා මම දුකට පත් වෙනවා

 

මෙන්න මේ විදියටමම සහ මගේකියන බැඳීම් එක්ක අපි තරහා ගන්න ප්රමාණය වැඩිවෙනවා….ඔබ හැම කෙනෙක්ම හොයනවා මේ දෙයින් මිදෙන්න මාර්ගයක්…….

 

තිත් නත් ආන් මුනිතුමා මේ සඳහා හරිම පහසු ක්රියා මාර්ගයක් පෙන්වා දීලා තියෙනවා…. තමයි තමන්ට මුලින් ආදරය කරන්න.. තමන්ව සතුටු කරන්න පුළුවන් කෙනාට ආදරයෙන් පිරී ඉතිරී ගිහින් අනිත් අය වෙත ආදරය දෙන්න පුළුවන් බව…… තමන්ව සතුටු කරගන්න. තමන් වෙනුවෙන් කාලයක් වෙන් කර ගන්න තමන් ආස දේවල් කරන්න. සතුටින් තමන්ව පෝෂණය කරන්න. මේ ක්රමය මගින් අපිට අනිත් අයට ආදරය දක්වන්න හැකි වෙනවා….

 

අපිට අනිත් අය වෙත ආදරය , කරුණාව දෙන්න පුළුවන් වෙන්නේ අපි ආදරයෙන්, සතුටින් පිරී ඉතිරී ඉන්නව නම් විතරයි.ඔබට තරහ යනවා නම්, ඔබ අවිවේකී නම්….. හොඳින් හිතල බලන්නඔබට අනෙක් අය සමඟ නොරුස්නා බව ඇති වෙන්නේ.. කෝපය ඇති වෙන්නේතමන් වෙනුවෙන් වෙලාවක්, විවේකයක්, තමන්ට සතුටක් නැති නිසයි.

 

සියලු දෙනා වෙත ආදරය, කරුණාව දැක්වීමේ කලාව යනු තමන් සතුටින් සිටීම පෝෂණය කර ගැනීමේ කලාවයි. අදින් පස්සේ ඔබත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්න. සතුටින් සිටීම අරඹන්න. තමන්ව සතුටින් පෝෂණය කර ගන්න. ඇති. ඔබ වටා සිටින සියල්ලන් සතුටින් පිරී යන බව ඔබට පෙනේවි.

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

2020.09.08

CONVERSATION

0 Comments:

Post a Comment