F ගසක් වියහැකි නම්….. - Step forward Lanka

ගසක් වියහැකි නම්…..

 


ගසක් වියහැකි නම්…..

 

 ඉතා කුඩා බීජයකින් පැල වෙලාසොබා දහමෙන් පෝෂණය වෙමින්

 

මහ විසල් ගස් හැදෙනවා!

 

කවුරුන් ආවත් සෙවනේ දෙන්නෙ, සුවඳ දෙන්නෙ, ඵලදාව දෙන්නේ එක විදියටමයි

 

ගන්න පුළුවන් දේ අරන්, එන අය යනවා

 

ගස ඉන්නවා !

 

අව් වැසි කුණාටු ආවා කියලා

 

ගසක් සොලවන්න ලේසි නැහැ

 

කාටවත් නොපෙනෙන මූල පද්ධතියකින් ගස රැක ගන්නවා

 

පවුල සහ කල්යාණ මිතුරන් වගේ !

 

අනන්ත අහස දිහා බලාගෙන

 

යන්න පුළුවන් උපරිම ඉහලට ගස වැඩෙනවා

 

සොබා දහමට අවනතව දෙන්න පුළුවන් උපරිම දේ ගස දෙනවා

 

තමන් හදපු මල්.. තමන්ගේ රස ඵලනියමිත වෙලාවට අතෑරලා දානවා

 

ගසක් විය හැකිනම්…!

 

2021 නව වසරේ පැතුම එයයි..🙏

 

චාන්දිමා මුනමලේ ඈපා

CONVERSATION

0 Comments:

Post a Comment