අම්බලම
පුන්ච්
කාලේ ඉදලා ඇහුනා…
අපි
හමුවෙනවා..ගණුදෙනු කරනවා…දුක සැප බෙදා
ගන්නවා..තරහා වෙනවා..යාළු
වෙනවා..(පවුල, මිතුරන් වගේ)…අම්බලමට ආව
කෙනා එයාගේ ගමන පිටත් වෙන්න
වෙලාව ආවාම අපෙන් සමුගන්නවා..
(වෙන්වීම, මියයෑම )
මුලින්ම
‘වෙලාව’ ආවෙ කාටද ඒ
කෙනා ගමන පිටත් වෙනවා..ගමනාන්තය අම්බලම නෙමෙයිනෙ..!
කොහෙන්දෝ
ආව අය…කොහේටදෝ යනවා..
ඒත්
අම්බලමේ ඉන්නකල් ඕක මතක් වෙන්නෙ
නෑනේ…
නැවතුණු
තැන “මගේ” කරගන්නවා..
යන්න
ආව ගමනෙදි මෙතැන නැවතුනේ මොකටද කියලා අමතක වෙනවා..
( ආවෙ
ආධ්යාත්මය දියුණු කරගන්න)
හමුවුණු
අය “මගේ” කරගන්නවා…
එයාලගේ
යුතුකම් විතරක් කර කර ඉන්නවා…
තමන්
ආවෙ විවේකයක් අරන් ඉතිරි ගමන
යන්න ශක්තිය එකතු කරගන්න බව
අමතක වෙනවා…( ආධ්යාත්මික ගමන්
මගේ තාවකාලික නවාතැනක් විතරයි මේ මිහිමඩල)
සිහියෙන්
ඉන්න… කොහේ ගියත්, කොතැන
හිටියත්, කවුරු ආවත් ගියත් සිහියෙන්
ඉන්න.
තමන්
ආවෙ කොහේ යන ගමන්ද
කියලා මතක් කරගන්න.. (ජීවන
ගමනාන්තය )
හමුවුණු
අයට ඉතා හොඳින් සළකන්න…(පවුලේ , ඥාතීන්ගේ යුතුකම් )
ඒත්
ඒ ගමන්ම තමන් යන ගමන
යන්න ශක්තිය එකතු කරගන්න… විවේක
ගන්න.
සිහියෙන්
ඉන්න…
ගමන
තව දුරයි. 🙏
චාන්දිමා
මුනමලේ ඈපා
0 Comments:
Post a Comment