ජීවිතය
ඔබේ! තීරණය ඔබේ!
STEP FORWARD පරිවර්තනයේ
සරසවිය
තවත්
අපූරු දවසක් උදා වෙලා….
ඔබටම
තීරණය කරන්න පුළුවන් ඔබ අද දවස
ගත කරන්නේ කොහොමද කියලා…
හැම
දවසකම, හැම විනාඩියකදීම, සෑම
තත්පරයකදීම අපට තෝරා ගැනීමක්
තියෙනවා… අපි ඒ මොහොත
ගත කරන්නේ කොයි විදිහට ද
කියන එක ගැන.
ඔබට
කැමතිනම් දුක, වේදනාව, ආතතිය
තෝරාගන්න පුළුවන්. එවිට ඔබ පුහුණු
වෙන්නෙ මානසික ආතතිය වැඩි දියුණු කර
ගැනීමට. එහෙම නැත්නම් හිතේ
සැනසීම පුහුණු කරන්න අවශ්‍ය නම්,
සතුට , සාමය, උපේක්ෂාව තෝරා ගන්නත් පුළුවන්.
කුමක්ද ඔබ තෝරාගන්නට කැමති?
ඔබට
ලැබුණු දවස එහෙම නැත්නම්
මේ මොහොත අර්ථාන්විතව ගත කිරීම තමයි
ඔබේ ජීවිතය කියන්නේ…. අපි හැම කෙනෙක්
ඉදිරියේම යම් කිසි ප්රශ්නයක්, වේදනාවක්, කම්පනයක් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ දේ භාර
ගන්න විදිහ තීරණය කරන්නේ ඔබේම මනස! ඒ
නිසා ඔබ අද තීරණය
කරන්න අද දවස මම
සතුටින් ගත කරනවා ද?
එහෙම නැත්නම් මේ ප්රශ්නයත්
එක්කම ගැටි ගැටී තවදුරටත්
ඔබේ කාලය ඒ වෙනුවෙන්
මිඩංගු කරනවා ද කියන එක.
ජීවිතය
ඔබේ!
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0 Comments:
Post a Comment