F සමුදෙන්න අතීතයට… - Step forward Lanka

සමුදෙන්න අතීතයට…

 



සමුදෙන්න අතීතයට

මතකයක් පමණක් වන්නට

 

ඔබ කොතරම් උත්සාහ කලත් අපේ ජීවිතයෙන් අතීතය මකා දැමිය නොහැකියි. අද සිටින අප නිර්මාණය වූයේ අතීතයත් හේතු කරගෙනයි. පරිණත අවබෝධයකින් අතීතය දෙස බලන්නට උත්සාහ කරන්න. ඉගෙන ගන්න. එවිට එය තවත් එක් මතකයක් පමණක් වේවි.

 

අප සෑම සියලු දෙනෙකුගේම අතීතය තුළ මෙවැනි කාල වකවානුවක් ඇත. එය ලෝක ධර්මතාවයකි. ඔබව නිර්මාණය කළ අතීතයට ස්තුතිවන්ත වෙන්න. ඔබේ අවධානය වර්තමානය වෙතට යොමු කරන්න. අද ඔබට පවතින දේ දකින්න. ඔබේ පවුලේ අය,දේපළ, වාහන, ඔබේ උගත්කම, රැකියාව, ඔබේ මිතුරන්…..තව බොහෝ දේ අදටත් ඔබ සතුයි. සියල්ලටම වඩා තවමත් ඔබ වෙනුවෙන් ඔබ සිටිනවා නේද ??

 

මේ මොහොත අත්විඳින විට අතීතය අමතක වී යාම එහි ස්වභාවයයි. එය නැවත නැවත මතක් කරමින්, ඊට අවධානය දෙන ඔබට, එය මහා විශාල දෙයක් ලෙස පෙනෙනු ඇත. අසුන්දර අත්දැකීම් ලැබුවේ ඔබ පමණක් බව සිතෙනු ඇත. නමුත් සත්යය එය නොවේ. ඔබටත් වඩා දුක් ගින්දර ඉසිලූ අය අදවන විට සියල්ල අතීතයටම භාර දී එයින් මිදී සිටිනු දැකගත හැකියි. නමුත් ඔබ ඉන් ඉවත් නොවෙන්නේ ඔබ ඉඩ දෙන තැන බොහෝ විශාල නිසයි. ඔබේ අවධානය වර්තමානය වෙතට ගෙන එන විට අතීතය ඔබව තැනූ සුන්දර මතකයක් පමණක් වේවි.

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා


CONVERSATION

0 Comments:

Post a Comment