F STEP FORWARD KIDS UNIVERSAL HUB - Step forward Lanka

STEP FORWARD KIDS UNIVERSAL HUB

 

STEP FORWARD KIDS UNIVERSAL HUB

 

අපේ දෙමව්පියන් දරුවන් ගැන කියන්නෙ මොනවාද කියලත් මවක් විදියට තමන්ගේ අතින් දරුවන් හැසිරවීමේදී වෙන අඩුපාඩු ගැනත් අපි සොයා බැලුවා

 

දරුවන් ගැන හොඳ කියන්න බොහොමයක් මව්වරුන්ට අමතක වෙන බවත්, මවගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නෙ දරුවාගේ නුගුණ දෙසටම බවත් අපි දැක්කා..ඒවගේම තවත් රසවත් කතාවක් මේ පර්යේෂණය හරහා එළියට ආවා.. තමයි තරහා යනවා කියලා කියන දරුවන්ගේ මව්වරුන් බොහෝ දෙනෙක් තරහා ගන්න අය! අපිළිවෙලයි කියන දරුවන්ගේ අම්මලත් ටිකක් අපිළිවෙලයි. කාල කළමනාකරණය අඩු දරුවන්ගේ අම්මලාත් කාල කළමනාකරණය දන්නෙ නෑ…..දැන් ඉතින් කියන්නකො මට වරද කාගෙද කියලා 😄

 

දරුවන් හෝ ඔබ තරහා ගන්නවා නම් ඒකට හේතුව යම් අවශ්යතාවයක් ඉෂ්ඨ නොවීම. පොඩි ළමයි හරීයට තරහා ගන්නවාඑහෙනම් වරද තියෙන්නේ එයා හැදෙන වැඩෙන පරිසරයේදරුවෙක් මේ ලෝකෙට එන්නෙ එයාගේ ජීවිතය ගත කරන්න මිසක් මව්පියන් / පාසැල / සමාජය කියන අරමුණු කරා යන්නවත්, දරුවාගේ යහපත වෙනුවෙන් වුනත් මව්පියන් කියන රාමුව ඇතුලේ කොටුවෙලා ඉන්නවත් නෙමෙයි. ඔන්න ඔතන තමයි ගැටුම පටන් ගන්න තැන!

 

මමත් අවු 20 ආසන්න කාලයක් දරුවෙක් හදනවා..ඒත් කවදාවත් මම එයාව වෙන කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරලා නෑ..මගෙ දෙමව්පියන් වෛද්යවරු කියලා එයාලා කවදාවත් අපට දොස්තරලා වෙන්න කියලත් නෑදුව යන රටාවට අනුව මම හැඩ ගැහෙමින් එයාගේ හොඳම මිතුරියක් වීමයි කළේදුවගේ හොඳම මිතුරා එයාගේ තාත්තාඉතින් දුවට තරහා යන්න හේතු නෑ

 

ඔබත් කල්පනා කරලා බලන්න. ඔබට හෝ ඔබේ දරුවන්ට කේන්ති යනවා නම්..පරිසරය තුළ වෙනස්කම් ඇති කරන්න. ඔබ වෙනස් වෙන්න.🙏

 

චාන්දිමා මුනමලේ ඈපා

 වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

 නිර්මාතෘ STEP FORWARD LANKA

 

Fb group :https://www.facebook.com/groups/400541487237199/?ref=share

Fb page:https://www.facebook.com/stepforward24/

Bookshttps://www.facebook.com/stepforwardbooks/

Website :www.stepforwardlanka.com

CONVERSATION

0 Comments:

Post a Comment