F STEP FORWARD COUNSELING - Step forward Lanka

STEP FORWARD COUNSELING

 

 




STEP FORWARD COUNSELING


ප්රචාරය කියන්නේ නම් මම තරම් කැමැති දෙයක් නෙමෙයිනමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ විදිහට ලිව්වේ දරුවන් සහ දෙමව්පියන් වෙනුවෙන් මෙය සේවයක් වන නිසයි.

 

බොහෝ දෙනා දන්නේ නැහැ තමන්ට ප්රශ්නයක් තියෙනකොට යොමු වෙන්න ඕනේ කොහාටද කියලා…. තවත් පිරිසක් ප්රශ්නයක් වුණු ගමන් මනෝවෛද්යවරු හමුවෙන්න යනවා…. ඇත්තටම මනෝ වෛද්යවරයෙක් හමු වෙන්න ඕනේ උපදේශනය ලබා ගැනීමෙන් පසුවයි. බෙහෙත් නොගෙන උපදේශනය මගින් යහපත් අතට යොමු කරගත හැකි ගැටළු රාශියක් තියෙනවා….උපදේශකවරයා ටත් එම ගැටලුව විසඳිය නොහැකි නම් තමයි බෙහෙත් වලට අපි යොමු විය යුත්තේ. මනෝ වෛද්යවරයෙක් හමුවිය යුත්තේ එවැනි අවස්ථාවක තමයි. එය නිර්දේශ කරන්නට උපදේශකවරයාට හැකියි. මේ නිසා ගැටලුවලින් තනිවම පීඩා විඳිමින් නොසිට, තමන්ගේ, දරුවන්ගේ හෝ පවුලේ ප්රශ්නයක් ඇත්නම් මනෝවිද්යා උපදේශකවරයා / වරිය හමුවෙන්න.

 

කුරුණෑගල දී ඕනෑම දවසක, ඕනෑම වෙලාවක (කලින් වේලාව වෙන් කරගෙන) මා හමුවිය හැකියි. ගම්පහට එන්නේ මාසෙකට එක් දවසක් පමණයි. නිසා ගම්පහ අවට ප්රදේශවල අය මේ අවස්ථාව මගහැර ගන්න එපා! තමන්ට හෝ දරුවන්ට, තරුණ තරුණියන්ට, ඕනෑම අයකුට පවතින ප්රශ්නයක් සම්බන්ධයෙන් අපි කතා කරනවා.

 

උපදේශනය ලැබීම ඔබේ දුර්වලතාවයක් නොවේ. තමන්ට එදිනෙදා පවතින ගැටළුවක් වෘත්තීය උපදේශකවරයෙක් සමග කතාබහ කර, තමන්ගේ විසඳුම කරා යන මාර්ගය විවර කර ගැනීමයි උපදේශනයේ අදහස. මෙය මානසික රෝගීන් සදහා පවතින සායනයක් නොවේ. වරෙක මගපෙන්වන්නෙක්, වරෙක මිතුරියක්, වරෙක ගුරුවරියක් වෙමින් උපදේශකවරයා ඔබ සමග අවශ් ගනුදෙනුව පවත්වාගෙන යයි. මේ නිසා උපදේශන ලබා ගෙන ඔබේ සිත සැහැල්ලු කර ගන්න. අවශ් මඟ පෙන්වීම් ලබා ගන්න.

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

CONVERSATION

0 Comments:

Post a Comment