STEP FORWARD
පරිවර්තනයේ
සරසවිය
දරුවන්ගේ
හීන පාට කරන්නට…..ගෙන
එන චිත්ර ප්රදර්ශනය
LET’S PAINT OUR DREAMS
ඔබත්
කැමතියි නේද තමන්ගේ දරුවන්ගේ
චිත්ර මුළු ලෝකයම
දකිනවා දකින්න?
මේ
තමයි ප්රථම වතාවට
STEP FORWARD සංවිධානය කරන ඔන්ලයින් චිත්ර ප්රදර්ශනය…!
සමහරවිට මේ ලංකාවේ පළවෙනි
ඔන්ලයින් චිත්ර ප්රදර්ශනය වෙන්නත් පුළුවන්….
හැම
දරුවෙකුටම තමන්ගේ නිර්මාණාත්මක හැකියාව පෙන්වන්න අවස්ථාව තියෙනවා…පොඩිත්තන්ට පුළුවන් ලස්සන ලස්සන චිත්ර අඳින්න…
මෙන්න
ඔබ පුල පුලා බලා
සිටි වැඩි විස්තර….
මේක
තරගයක් නෙමෙයි. මේක ප්රදර්ශනයක්
විතරයි. අපි කැමති නෑ
දරුවන් අතර තරගයක් ඇති
කරලා පළවෙනියෝ දෙවැනියෝ තෝරලා අනිත් අයගේ චිත්රය
හොඳ නැහැයි කියලා කියන්න…ඒ නිසයි අපි
තීරණය කළේ හැමෝම සම
මට්ටමට අරගෙන හැමෝගෙම චිත්රය ප්රදර්ශනයකට ඉදිරිපත් කරන්න. පුංචි එවුන්ගේ හිත රිදෙනවාට අපි
හරිම අකමැතියි. දැන් ඉතින් ඔයාලා
හැමෝගෙම චිත්රය ලෝකයට
පෙන්නන්න පුළුවන් මේක ඔන්ලයින් චිත්ර ප්රදර්ශනයක්
නිසා…. මුළු ලෝකේම අයට
ඔයාලගේ චිත්ර දකින්න
පුළුවන්. ආසයි නේද හැමෝම
ඔයාලට ප්රසංශා කරනවා
අහන්න ?
පහත
විස්තර හොඳින් කියවා…තේරුම් ගෙන, ඔබේ දරුවන්
ආස කරන චිත්ර
ඇඳ, පහත ඊමේල් ලිපිනයට
අපට එවන්න. අපි බලන් ඉන්නවා
ඔයාලගේ ලස්සන ලස්සන චිත්ර දකින්න.
Step Forward Team
0715750525

0 Comments:
Post a Comment