F STEP FORWARD පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 


STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 

අපේ අලුත් සාමාජිකයින් සියලුම දෙනා ඊයේ භාවනාවට එකතු වුණා

 

STEP FORWARD SHADOW SOULS තවදුරටත් පියවරක් ඉදිරියට යමින් online භාවනා වැඩසටහන මගින් තම තමන්ගේ ආධ්යාත්මික සුවය සොයන්නට එකතු වුණාහරිම අපූරුයි. STEP FORWARD කණ්ඩායමේ අපි හැමෝම වගේම අපේ තරුණ සාමාජිකයින්, SHADOW SOULS වැඩිහිටියන්ගේ online පාඨමාලාවට එකතුවුණු සාමාජිකයින් සියලුම දෙනා මේ සඳහා සහභාගි වුණා..2020 මාර්තු මාසයේ පටන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සමග අප ධර්ම සාකච්ඡා කළා මාසයකට දෙවතාවක් zoom හරහාඑයම තව දුරටත් ව්යාප්ත කරමින් ඊයේ සිට භාවනා වැඩසටහන ආරම්භ කළා

 

ඔබත් හිතන්න. ඔබ, ඔබ වෙනුවෙන් කාලය වෙන් කර ගන්නවාද? ඔබේ ආත්මීය සුවපත් භාවය වෙනුවෙන් දවස තුළ වෙන්කරගත් කාලයකදී යමක් කරනවද ??

 

එසේ නොකරන ඔබ එදිනෙදා කරන දහසකුත් එකක් වැඩ නිසා වෙහෙසට පත්වෙයි. ඔබ වැඩකළ යුතුයි. මුදල් උපයාගෙන ඔබේ ජීවිතය ගත කරන්නට, ඔබේ දරුවන් / පවුලේ අය රකින්නට, ඔබේ රැකියාවේ කටයුතු කරන්නට, මෙකී නොකී බොහෝ දේ වෙනුවෙන් ඔබ වෙහෙස වෙයි. නමුත් මේ සියල්ල අතර ඔබට ඔබ වෙනුවෙන් කාලයක් පැවතිය යුතුයි. ඔබේ ආත්මීය සුවපත් භාවය යනු ඔබ තවත් අය වෙනුවෙන් ඔබේ හදවතින්ම කරන වැඩ කොටස සහ ඔබේ සතුට වෙනුවෙන් කරන වැඩ කොටසයි. ඒවගේම ඔබ සිත එකඟ කර ගැනීමට භාවනාවෙන් ගත කරන කාලයයි. එක තැනක වාඩි වී කරන ආනාපාන සති භාවනාව හෝ ඇවිදිමින් කරන සක්මන් භාවනාව විය හැකියි. දවසේ යම් කාලයක් ඔබ වෙනුවෙන් වෙන් කර ගන්න. ඔබ මේ ජීවිතයට ආවේ ඔබේ ආධ්යාත්මික සංවර්ධනය ඇති කර කරගැනීම වෙනුවෙන් බව මතක් කරගන්න.

 

තිත් නත් ආන් මුණිතුමන් පවසා ඇති අයුරින්ඔබට හුස්ම ගන්නට පිට කරන්නට හැකිනම්, ‘මම පැමිණ සිටිමි

මම ඉන්නේ මගේ නිවසේ(නිවස යනු හුස්ම වැටෙන මේ කයයි)…

මේ මොහොතේමේ මෙතැන….මේ දැන්කියන සිතිවිල්ලෙන් ඔබේ ආත්මය සමග සක්මන් කරන්නට හැකිනම්….

එසේ කරන සැණින් ඔබ නිදහස් වෙයි. මහත් වූ ශක්තියකින් පිරී යන බව දැනෙයි. ඔබේ නිවැරදි ලිපිනය සහිත නියම නිවහනට පැමිණ, මේ මොහොතේ සිටින බව දැනෙයි.කිසිවකට ඔබ වෙනතකට දුවන්නට තල්ලු කළ නොහැකි වෙයි. ඔබව බියට පත් කළ නොහැකි වෙයි. අතීතය ගැන දුක් වෙමින් සිටි කාලය නිමා වෙයි. එකතැන හිරවී.. සිදු වූයේ නැති දේ ගැන තැවීම නවතියිඔබට වෙනස් කළ නොහැකි දේ ගැන වද වීම නවතියිඅතීතය ගැන තිබුණු වරදකාරී හැඟීමෙන් මිදෙයි.. අනාගතය ගැන වද වීමෙන් මිදෙයි.”ඔබටත් අවශ් එයම නොවේද ?

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

0715750525

CONVERSATION

0 Comments:

Post a Comment