F STEP FORWARD පරිවර්තනයේ - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ

 

STEP FORWARD පරිවර්තනයේ

 

සරසවිය ජීවිතයේ විවිධාකාර අවස්තාවලදී අපට අපේ මතය ගැන අනිත් පුද්ගලයාට කරුණු පහදා දෙන්න වෙනවා….

 

ඒත් අපි කියන දේ පිළිගන්න අනිත් කෙනා සූදානම් නැත්නම් එතන ඇති වෙන්නේ වාදයක්අන්තිමට හිත් රිදිලා, ගැටුම් ඇති වෙන්නත් පුළුවන් !

 

සමහර අයට කරුණු පහදා දෙනවට වැඩිය හොඳයි නිශ්ශබ්ද වෙන එක…! මේ වගේ වෙලාවට අපේ හිත ඇතුලතින් අපිට තේරුම් ගන්න පුළුවන් නම්……මම මේ කියන කරුණ තේරුම් ගන්න තරම් මගේ ඉදිරිපිට ඉන්න කෙනාගේ මොළය මෝරලා තියෙනවද කියලා වාදය/කරුණු පැහැදීම /මතය ඉදිරිපත් කිරීම/ ඉල්ලීම ඉදිරියට ගෙනයන්න පුළුවන්එහෙම නැත්නම් ඔබ කියන දෙය නොකියා නිශ්ශබ්ද වීමයි වඩා හොඳයි. නිශ්ශබ්ද වෙන්නත් බැරි අවස්ථාවකදී නම් උපක්රමශීලීව මග හැරීමයි වඩා සුදුසු.

 

ඊළඟ ප්රශ්නය තමයි මේ තරම් දෙයක් හිතන්න ඔබේ මොළය මෝරලා තියෙනවද කියන එක…. මෙතෙක් කල් ඔබ වැඩ කරළත් වාද කරමින් ඔබේ මතයම හරි බව පෙන්වන්න නම් ඒකෙන් කියවෙන්නේ ඔබේ මමත්වයත් වැඩි බවයි. දෙවැනි වෙන්න කැමති නැති බවයි.

 

දැන් ඔබට මේ කාරණාව පැහැදිලි නම් ඔබත් අදින් පස්සේ මේරූ බුද්ධියකින් කල්පනා කර බලන්න. අනවශ් වාදයක් ඇති වෙන බව දැනුනොත් වහාම නිශ්ශබ්ද වෙන්න. එහෙම නැත්නම් උපක්රමශීලීව මගහරින්න. එවැනි අයගෙන් තමන් පරිස්සම් වීම විශාල ප්රශ්නයක්/ දබරයක් විසඳා ගැනීමට මඟ පාදා ගැනීමක් මිස එය තමන්ගේ අඩුවක් , නෝන්ජල් කමක් නොව මේරූ බුද්ධියෙන් සිතා බැලීමක් විතරක් බව තේරුම් ගන්න.

 

බුද්ධිමත් අය නිසා සාමය පවත්වා ගතහැකි වෙනවා….ඔබත් එවැනි බුද්ධිමත් අයෙක් වෙන්න .

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

https://www.facebook.com/stepforward24/

CONVERSATION

0 Comments:

Post a Comment