F STEP FORWARD පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 



                                               STEP FORWARD පරිවර්තනයේ සරසවිය


පරිවර්තනය කරන්න ඔබේ දරුවන්….

ඔවුන් ගේ සැබෑ පරිවර්තනය මගින් ලෝකය වෙනස් වනු ඇත.

දරුවන්ගේ එදිනෙදා ජීවිතය වෙනස් කරන්න

මොකක්ද මේකෙ තේරුම??

දරුවන්ගේ එදිනෙදා ජීවිතයේදී එයාලා සතුටින් ඉන්න එක වැඩි කර දෙන්න පුළුවන් දෙමව්පියන්ටම තමයි. ළමා කාලයේ දී සතුටෙන් ඉන්න දරුවා වැඩිහිටි වියේදී සාර්ථක, සමබර පුද්ගලයෙක් බවට පත්වෙනවා…. ඒත් ළමා කාලයේ දී ඔහුට සෙල්ලම් කරන්න වෙලාවක් නැත්නම්, ඇති තරම් විනෝද වෙන්න නැත්නම්, දරුවා ඉන්නේ සතුටින් නෙමෙයි නම් දරුවා අනාගතය කරා යන්නේ ගැටළු එකතු කරගෙනයි.

 

ඉතින් අපි මේ දරුවාගේ ළමා කාලය තුල ඔහුව සතුටින් තියෙනවා නම් ඔහුගේ එදිනෙදා ජීවිතේ වෙනස් වෙනවා…. ඔහු අකීකරු කෙනෙක් වෙන්නේ නැහැමත්ද්රව්/ මත්පැන්/ වැරදි යහළුවන් /වැරදි මාධ් වෙත යොමු වෙන්නෙ නැහැ…. හොඳ රසිකත්වයක් තියෙන, හොඳ රුචිකත්වයක් ඇති යහපත් ගුණ ගරුක දරුවෙක් වෙනවා…..

 

මෙන්න මේ වෙනස අපි ඇති කළොත් මේ දරුවන්ගේ අනාගතය සැබැවින්ම අර්ථවත් වෙනවා….. ඔවුන් ලෝකය ලස්සන කරනවාමේ දේ කරොත් අපි ඉතිහාසගත වෙන බවයි මේ වැකියෙන් කියවෙන්නේ…. වගේම දරුවා අසමබර, අසමතුලිත, අයහපත් පුද්ගලයෙක් වුනොත් ඉතිහාසය අපිව විනිශ්චය කරන්නේ අපි සාර්ථක නැති දෙමව්පියන් විදියට

 

ඉතින් මේ වෙනස ඇති කරන්න ඕනේ අපි!

දරුවන් සාර්ථක වෙනවා , අසාර්ථක වෙනවා කියන එක තීරණය කරන්නේ ළමා කාලයේ ඔහුට අපි දෙන දේවල් වලින් අනුව ඉතිහාසය තුළ අපි කොයි විදිය අයද කියන විනිශ්චය, කතා බහ ඇතිවෙනවා….අපි ඔවුන්ව හදපු විදිය ගැන ඉතිහාසයට එක් වෙනවා…..ඔබ ඉතිහාසයට එක් වන්නේ කොයි විදියේ මව්පියෙක් විදියටද කියලා අද ඔබ දරුවන්ට ලබා දෙන වර්තමානය තීරණය කරයි


CONVERSATION

0 Comments:

Post a Comment