වැඩිපුර
සිතීම
STEP FORWARD පරිවර්තනයේ සරසවිය
අපි
බොහොමයක් දෙනා ගොඩක් සංවේදී
මිනිස්සු. විශේෂයෙන් කාන්තාවන්.. ඉතින් අපි ටිකක් හිතනවා
වැඩියි..සමහර දේවල් ගැන
අනවශ්‍ය තරම් හිතලා
නැති ප්රශ්නත් ඇති
කර ගන්නා අවස්ථා එමටයි.
උපදේශනයේ
දී නිතරම හමු වෙනවා දඟ
දරුවන් සහ ඒ අයගේ
දෙමව්පියන් සහ වැඩිහිටි දෙමව්පියන්
අතර ඇති වෙන ප්රශ්න! අත්තම්මාට නැත්නම් සීයාට කුඩා ළමයි හසුරුවා
ගන්න බැහැ… දරුවන්ගෙ අම්මටත් මේ ළමයි පාලනය
කරගන්න බැහැ! ඉතින් මේ දරුවන් අයිති
වෙලා තියෙන්නේ hyperactive / අධි ක්රියාශීලී
දරුවන් ගේ ගණයට බව
තීරණය කරනවා…
අපි
ගාවට උපදේශනයට දැන් එන බොහොමයක්
මව්වරුන් දරුවාගේ ලෙඩේ නමත් කියාගෙනමයි
ඇතුළු වෙන්නේ…. මගේ දරුවා hyperactive. මගේ දරුවා
ADHD. මට depression. අපේ අම්මට………(තවත්
ලෙඩක්). තාත්තාට…(තව එකක්)…. මහත්තයාට
work stress. මෙන්න මේ විදිහට කියලා
තමයි කතාව ආරම්භ කරන්නේ….
කවුද මේ ලෙඩ තීරණය
කළේ කියලා ඇහුවහම FB එකට අනුව එයාලා
තීරණය කරගෙන….😥
දරුවන්
දඟ බව පිළිගන්න සමහර
දෙමව්පියන්ට බැහැ! මේකට හේතු වෙලා
තියෙන්නේ දෙමව්පියන් ඉන්නේ එක්තරා රාමුවකට කොටු වෙලා…ඔවුන්ට
තේරෙන්නේ නැහැ තමන්ගේ රාමුවෙන්
පිට ඉන්න දරුවාව හදා
වඩා ගන්න. මේක දරුවාගේ සාමාන්‍ය තත්ත්වය බව
පිළිගන්න තරම් දෙමව්පියන්ට/ වැඩිහිටි
දෙමව්පියන්ට අවබෝධයක් නැහැ! අනවශ්‍ය විදිහට ලේබල්
කරපු, නම් කරපු ළමයි
අවසානයේ ලෙඩ්ඩු බවට පත් වෙනවා…!
ඉතින්
සමහර අය මේ වගේ
අනවශ්‍ය තරම් දේවල්
ගැන හිතන්න යොමු වෙනවා…. ඔබ
කියවන ලිපි අනුව, ඇසුරු
කරන අය අනුව නැති
ප්රශ්න ඇති කර
ගන්න එපා! අනවශ්‍ය
තරම් සමහර දේවල් ගැන
හිතලා නැති ලෙඩ දා
ගන්න එපා! අන්තිමේදී නොහිතපු
ගැටුම්වලින්, අසනීප වලින්, දික්කසාද වලින් තමයි ප්රශ්න
කෙළවර වෙන්නේ….
ඔබත්
ඕනෑවට වඩා යමක් හිතන්න
පෙළඹෙන අයෙක් නම් මේ ගැන
කල්පනාකාරි වෙන්න. සාක්ෂි, නිර්දේශ නැතුව වෛද්‍ය වරයෙක්,
නීතිඥවරයෙක්, උපදේශකවරයෙක් නො කියූ දේ
ගැන, ඔබේම තීරණ අනුව
යම් යම් දේවල් නිගමනය
කරන්න එපා! අනවශ්‍ය
කල්පනා කිරීම නිසාම ඔබ මානසික විශාදයට
වෙනත් අසනීප වලට පත් වෙන්න
ඉඩ තියෙනවා…මේ මොහොතේ ජීවත්
වෙන්න! සරලව හිතන්න! හැම
දෙයක්ම වෙනස් වෙන බව දැන
ගෙන සිටින්න! යහපත් දේ බලාපොරොත්තු වෙන්න!
එවිට යහපත් දේම සිදු වෙනු
ඇත.
චාන්දිමා
මුනමලේ ඈපා වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
0715750525
Fb group : step forward family
island
www.stepforwardlanka.com
0 Comments:
Post a Comment