F වෙනසක් ඇතිකරගන්න - Step forward Lanka

වෙනසක් ඇතිකරගන්න

  

වෙනසක් ඇතිකරගන්න


STEP FORWARD

පරිවර්තනයේ සරසවිය

 

බොහෝ දෙනෙක් තමන්ගේ වැඩත් එක්කම හරිම ඉක්මනින් ආතතියට පත් වෙනවා…. මේක වැරදි පුරුද්දක්…. මේ අපි පුරුදු වෙලා තියෙන විදිහ…. මේ නිසා තමන්ම ඉක්මනින් වෙහෙසට පත්වෙනවා…..කරන්න තියෙන හැම වැඩ කටයුත්තක්ම අත පසු වෙනවාවගකීමක් බාර ගන්න බෑ….. ඉක්මනින් ලෙඩ වෙනවා…..හිතාගන්න බැරි තරම් අවුල් ඇති වෙන්න ඉඩ තියෙනවාආතතියෙන් පටන් අරන් කොහෙන් කෙළවර වෙයිද කියන්න බැරිතරම් එය අපහසු තාවයක්….

 

සැහැල්ලු වීම එක්තරා කලාවක්…! අපි ඉගෙනගත යුතු, පුරුදු විය යුතු, පුහුණු විය යුතු කලාවක්…..මේ කලාව පුහුණු වීමෙන් අපට හිත එකඟ කරගන්න පුළුවන් වෙනවා වගේ හැම දෙයක්ම පැහැදිලි වෙනවා…. විතරක් නෙමෙයි හැම දේකටම ගැළපෙන සුදුසු පිළිතුර හොයාගන්නට පුළුවන් වෙනවා……අපේ පිළිතුර සැබෑම නිර්මාණාත්මක දෙයක් බවට පත් වෙනවා…..

 

තමන්ගෙ සැහැල්ලු වීමේ කලාව සොයා ගන්න ඕනේ තමන්මයි. දවසේ වැඩ වලට වෙලාවක් නියම කර ගැනීම මෙහි ප්රධානම කාරණාවයි. වේලාවට ආහාර පාන ගැනීම, නිදා ගැනීම, තමන් කැමති වැඩවල යෙදීම හා පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීම වෙනුවෙන් කාලය වෙන් කර ගත යුතු වෙනවා…. ව්යායාම, යෝග, භාවනා වලින් අපි හරි අපූරුවට සැහැල්ලු වෙනවා….තමන් වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට නොදන්නාකම බොහෝ දෙනෙක් ලෙඩ වීමට හේතුවයි. හිතන්න. ඔබේ වරද කොතැනද ?

 

චාන්දිමා මුනමලේ ඈපා

Professional psychological counselor 0715750525

www.stepforwardlanka.com

Fb group : step forward family Island

CONVERSATION

0 Comments:

Post a Comment