ජයග්‍රහණයේ මාවත
සාර්ථකත්වය කරා
STEP FORWARD
පරිවර්තනයේ
සරසවිය
ඔබට
ඔබේ ජයග්රහණය , සාර්ථකත්වය
කරා පා නගන්නට මාවත්
කීපයක් පවතිනවා. මින් නිවැරදි මාවත
සොයා ගැනීමයි ඔබට ඇති අභියෝගය.
සමහර
පාරවල මින් පෙර තවත්
අය ගොස් තිබේ…ඔබේ
අවශ්යතාවය ඒ පාරේ යෑම
නම්…ඔබට තරගකරුවන් සිටින
බවද දැන ගත යුතුයි.
ඔබේ පාරේ යන තවත්
අය සමග තරග කරන්නට
ඔබට සිදුවෙනවා.
ඒත්
ඔබ නිර්මාණාත්මකව සිතන අයෙක් නම්,
ඔබට ඇත්තේ ඔබේම ගමනක්. හදිස්සියක්,
කලබලයක්, තදබදයක් නෑ….ඔබට ඇති
එකම අභියෝගය නිර්මාණාත්මකව සිතීමයි.
නූතන
අධ්යාපන රටාවේ ලොකුම
වරද දරුවන්ට තරග කිරිමට ඉගැන්වීමයි.
නිර්මාණාත්මක වීමට උගන්වා නැති
කමයි. මෙයයි අද පවතින ලොකුම
ප්රශ්නය. දරුවන්ගේ අනාගතය ගැන මව්පියන් අවිනිශ්චිත
වී ඇත්තේද මේ නිසයි.
ඔබේ
දරුවන් නිර්මාණාත්මකව ඔහුගේම ගමනක් යන අයෙක් බවට
පත් කරන්න. ඔහු තරඟකරුවෙක් බවට
පත් වීමෙන් ඔහුට මානසික විඩාව
Stress ආතතිය ඇති වෙයි. ඔහු
තවත් බොහෝ අය අභිභවා
යා යුතු වෙයි. මෙයම
ඔහුට පීඩනයක්.
තමන්ගේම
ගමනක් යන නිර්මාණාත්මක අයෙක්
වීමෙන් මේ තදබදය මගහරවා
ගැනීමට දරුවාට හැකිවෙයි. ඔබේ ජීවිතය ගැන
ඔබත් සිතා බලන්න.
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය
මනෝවිද්යා උපදේශිකා
0715750525
Fb group : step forward family
island
www.stepforwardlanka.com
0 Comments:
Post a Comment