පොත් කියවීම
” ඉගිලෙන්න
තටු දෙන්න
කියවන්න
පොත් දෙන්න”
Step Forward books page එකේ
මම දීපු තේමාව එයයි.
https://www.facebook.com/groups/400541487237199/permalink/647430879214924/
මම දන්න නැන්දා කෙනෙක්
( ඇය ගමක, සාමාන්‍ය
පවුලක ඉපදුණු කෙනෙක්) ඉගෙනගෙන තිබුනේ වෙනත් රටක විශ්ව විද්යාලයක.. මට මතකයි මම
කුඩා කාලයේදී ඇය කියනවා ඇය
පුංචි කාලේ රුසියානු කතා
ලෝලියෙක් කියලා…ඇය කියවපු පොත්
පත් වල තිබුණු ඒ
ලස්සන රට බලන්ඩ යන්ඩ
කුඩා කාලයේදීම ලොකු සිහිනයක් ඇතිකර
ගත්තා කියලා…. ඒ අනුවයි ඇය
තරුණ වියේදීම රුසියානු ශිෂ්යත්වයක් ලබාගෙන
ඉගෙන ගන්නට හැකියාව ලබා ගෙන තිබුණේ…..ඒ තරම් ලොකු
පෙළඹීමක් ඇය කියවපු පොත්
වලින් ලබාගෙන තිබුණා…..
බොහෝ
දෙනෙක් උපදේශනය සඳහා පැමිණි විට,
ඒ අයගේ ගැටලුව අවම
කර ගැනීම සඳහා අවශ්‍ය
කරන යහපත් මානසිකත්වය ඇති කර ගැනීමට
අපි අනිවාර්යෙන්ම අහන ප්රශ්නයක්
තමයි “ඔබේ විනෝදාංශ මොනවාද?”
කියන එක…. ගැටළු බරපතළ
කරගෙන, ජීවිතය විඳවන බොහෝ දෙනෙකුට විනෝදාංශ
නැති බව මම අත්දැකීමෙන්
දන්න දෙයක්. මේක හරිම කනගාටුදායක
තත්ත්වයක්. අද කාලයේ දරුවන්
වගේම වැඩිහිටියන් පරිසරය රස විඳින්න දන්නේ
නැහැ…..පොත්පත් කියවීමට නැඹුරු නැහැ…. දරුවන් පොතපතට හුරු කරගන්න හැටි
දෙමව්පියන් දන්නේ නැහැ….. බොහෝ දෙනෙකුගේ වැඩවල
පිළිවෙළක් නැහැ…. තමන් කළ යුතු
වැඩ, මූලිකත්වය දිය යුතු වැඩ
මොනවාද? කළ යුත්තේ මොකක්ද
? නොකළ යුත්තේ මොකක්ද කියන එක ගැන
අවබෝධයක් නැහැ…..හිතට විවේකයක් ගන්න
පොතක් කියවීමෙන් ලැබෙන රසය මේ අය
අදුනන්නේ නැහැ….!
ඔබට
කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන් පොත
පතට හුරු කරගන්න තියෙන
හොඳම ක්රමය තමයි
ඔබත් පොත්පත් කියවීම… දරුවන් රෑ නින්දට යන්න
කලින් අනිවාර්යෙන් පොතක් කියවන්නට හුරු කිරීම ඔබ
මොන තරම් කාර්ය බහුල
වුණත් කළ යුතු වැඩක්.
පුංචි කාලේ ඉඳලම ලස්සන
පින්තූර තියන, ලොකු අකුරු තියෙන
පොත් ගෙනත් දරුවාව ඔඩොක්කුවේ තියාගෙන දරුවත් එක්කම ඒ පින්තූර විස්තර
කරමින් පොත් කියාදීම ඉතාම
වටිනවා….මේ මගින් එයාලා
පින්තූරවලට ආස වෙලා කතාව
අහගන්න පෙළඹෙනවා… ඒ වගේම අපි
මතක තියාගන්න ඕන දෙයක් තමයි
ඉංග්රීසි වගේම සිංහල
පොතුත් දරුවන්ට ලබා දෙන එක
කළ යුතු බව. දරුවා
ඉගෙනගන්න මාධ්යයට විරුද්ධ
මාධ්යයේ පොතුත් ඔවුන්ට
කියවන්නට හුරු කරන්න. ඉංග්රීසි මාධ්යයෙන්
ඉගෙන ගන්නා දරුවන් සිංහල පොත් කියවන්න කැමති
නැහැ…. සිංහල මාධ්යයෙන් ඉගෙන
ගන්නා දරුවන් සමහරවිට ඉංග්රීසි පොත්
කියවන්නෙ නැහැ…
පොත්
කියවීමෙන් දරුවන්ට අලූත්ම ලෝකයක් ලැබෙනවා… කියවීම කියන්නේ පුදුමාකාර වින්දනයක් ලැබිය හැකි, විශාල සංකල්ප මැවෙන , වෙනම ලෝකයකට අපිව
රැගෙන යන ක්රමවේදයක්
!
හොඳ
පොත පත නිසා දරුවාගේ
රසවින්දනය, මානුෂිකත්වය, බුද්ධිය, සංකල්ප මැවීම, සිතන වේගය වර්ධනය
වෙනවා….අනිත් අය ගැන හිතන
කෙනෙක් බවට පත්වෙනවා. මේකෙ
තියෙන ලොකුම වාසිය තමයි ජීවිතේ අපි
නොහිතන අමාරුම කාලයකදී, ඒ සියල්ල අමතක
කර දැමීමට හොඳම විසඳුම පොතක්
කියවීම බවට පත්වීම. සාමාන්‍ය එදිනෙදා ගැටලුත්
එක්ක අපි ගෙවන ජීවිතයෙන්
මිදිලා වෙනම ලෝකයක සංචාරය
කරලා එන්න පුළුවන් ක්රමයක් තමයි පොතක් කියවීම
කියන්නේ….
ඉතින්
ඔබේ දරුවාටත් නොවරදවාම පුරුදු කරන්න පොත් කියවන්න. කොයිතරම්
ගෙදර වැඩ තිබුණත්, කොයිතරම්
පාසැලේ වැඩ තිබුණත්, සුළු
වෙලාවක් වත් තමන්ගේ කතා
පොතත් එක්ක රැඳෙන්නට දරුවා
හුරු කරන්න. කියවන පිටු ප්රමාණයට
අනුව token ලබා දීමෙන් ඔහුට
යම් තෑග්ගක් අරන් දෙන්න. ඔහුගේ
token ප්රමාණය මුදල් බවට පත් කර
ඒ අනුව ඔහු කැමතිම
දෙයක් ලබා දෙන්න. මෙවැනි
පුංචි පුංචි ක්රමවලින් ඔබ
දරුවාට ලබා දෙන පොත්
කියවීමේ හුරුව ඔහු ඔබෙන් ජීවිතයට
ලබා ගන්නා ලොකුම දායාදයයි.
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය
මනෝවිද්යා උපදේශිකා
0715750525
0 Comments:
Post a Comment