F සුභ උදෑසනක් - Step forward Lanka

සුභ උදෑසනක්

 

 

                     


      

සුභ උදෑසනක්


සීතල උදෑසනක අවධි වුණු ඔබ රෑ සිහිනයෙන් අපූරු හීන දකින්නට ඇති…..දැන් ඒවා මතකද?රෑ සිහිනය අමතක වුවත් දවල් කාලය වෙනුවෙන් ඔබ ගොඩ නඟා ගත් සිහිනය නම් අමතක වෙන්නේ නෑ…. අපි දවසින් දවස සිහිනය වෙත යන්න අවශ් කරන පියවරවල් ඉටු කරමින් ඉදිරියට යා යුතු වෙනවා…..

 

දරුවන්ට හීන තියෙනවාද? ඔවුන්ගේ සිහින මොනවාදැයි ඔබ දන්නවාද? රෑ සිහින ගැන ඔවුන් කිව්වත් දවල් සිහින ගැන ඔවුන් කියන දේ ඔබ දැනගන්නට නම් දරුවා ගැන අධ්යයනය කරන්න වෙනවා…. ඔහුගේ වර්තමාන හැසිරීම් රටාව, ඔහු සිතන පතන විදිහ, ඔහුගේ ගතිගුණ, ආකල්ප,රුචි අරුචිකම් දිහා ඔබ උවමනාවෙන් බලන්න. ඔහු වඩා දක්ෂ ක්ෂේත්රයන් ඔබට පෙනෙනු ඇත. ඔහු තුළ පවතින කැපීපෙනෙන හැකියාවන් හඳුනා ගත හැකි වනු ඇත.

 

සමහර දරුවන් කුඩා වයසේ පටන්ම මෙවැනි විශේෂ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒත් සමහර දරුවන්ගේ අනාගත ඉලක්ක හඳුනා ගන්නට වයස අවුරුදු 12 ක් පමණ වන තුරු අපිට ඔවුන් නිරීක්ෂණය කරන්නට සිදු වෙනවා. වන විට ඔවුන් කැමති අකැමැති දේ තෝරා ගන්නට හැකියි. සමහර දරුවන් වනවිට තම හැකියා ප්රකට කරනවාතමන්ගේ අනාගත ඉලක්ක ප්රකාශයට පත් කරනවා.

 

ඒත් කණගාටුවට කරුණ නම් සමහර දරුවන්ට කිසිදු ඉලක්කයක් නැති වීමයි. එවැනි දරුවන්ගේ දෙමව්පියන්ට ඔවුන් කරා යොමු කිරීමේ දක්ෂතාවයක් නැහැඑදිනෙදා ජීවිතය ගත වෙනවා මිස දරුවාගේ විශේෂ හැකියාව හඳුනා ගන්නට දෙමව්පියන්ට අවබෝධයක් නැහැ වගේම තවත් දෙමව්පියන් කොටසක් උත්සාහ කරන්නේ දෙමවුපියන්ගේ සිහිනය සැබෑ කරගන්නට දරුවා යොමු කර ගැනීමටයි….මේ ගැන දෙමව්පියන්ට අවබෝධයක් නැහැ! ඔවුන් එහෙම කරන්නේ දරුවාගේ වැඩි යහපත වෙනුවෙන්ඔවුන් දරුවාට සිහින ලබා දී ඒවා ඉටු කරන මෙන් බලපෑම් කරනවා..වෛද්යවරයෙක් වීමට, ඉංජිනේරුවෙක් වීමට, හොඳින් ලකුණු ගැනීමට, A නමය ගැනීමට….. මෙවැනි ආකාරයෙන් ඉලක්ක වෙත දරුවා යොමුකරමින් දරුවාගේ ඉලක්ක / සිහින අමතක වෙන තැනට කටයුතු යෙදෙනවාඒත් අවසානයේ ඇති වෙන්නේ ගැටුමක්.

 

දරුවාටතමන්බවට පත් වෙන්නට හැකි නොවන අතර දෙමාපියන්ගේ සිහින සැබෑ වෙන්නෙත් නැහැසමහර විට මානසික විශාදයට පත්වුණ දරුවන් තමයි අන්තිමේදි ඉතුරු වෙන්නේ

 

මෙය හරිම අපරාධයක් !ඔබේ දරුවාගේ සැබෑ සිහිනය අවබෝධයෙන් දකින්න. ඔහුගේ ගතිගුණ/ හැකියා / ලක්ෂණ ගැන අවබෝධයෙන් ඉන්න. දරුවාගේ සිහිනය කරා දරුවා යොමු කරන්නබලපෑම් කිරීමකින් තොරව..! දරුවාගේ සිහින සැබෑ වීමෙන් ලෝකයට ආශිර්වාදයක් ලැබෙනු ඇත. ඒත් සිහින විනාශ වුණොත් එය දරුවාගේත්.. ලෝකයේත් විනාශයටම හේතුවක් වනු ඇත.

 

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

CONVERSATION

0 Comments:

Post a Comment