F STEP FORWARD YOGA SESSIONS - Step forward Lanka

STEP FORWARD YOGA SESSIONS

 

STEP FORWARD YOGA SESSIONS

කුරුණෑගල වැව රවුමේ STEP FORWARD ආයතනයේ දී අපි දැන් වසරක සිට යෝග අභ්යාස කර ගෙන යන්නෙමු.

 

මෙතෙක් දවස් සතියේ දිනවල උදේ වරුවේ පැවැත්වුනු යෝග පන්තිය බොහෝ දෙනකුගේ ඉල්ලීම නිසා සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව සදුදා, බදාදා,සෙනසුරාදා උදේ 7.30 සිට 9.30 දක්වා වැව රවුමේදී ආයුර්වේද වෛද්, යෝග පිළිබඳ ගැඹුරින් හදාරා ඇති වෛද් මල්ලිකා කුමාරිහාමි මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වේ.

යෝග කිරීමට කැමති ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

 

යෝග (yoga) වැදගත් වන්නේ ඇයි? මුළු මහත් ලෝකය පුරාම පැතිරී ඇති විෂම ආර්ථික රටාව, කලබලකාරී ජීවන පරිසරය නිසා මිනිසා ශාරීරිකව සහ මානසිකව දැඩි වෙහෙසකරව සිටී. මෙයින් මිදීම සදහාත්, නිරෝගී බව සහ රූප ස්වභාවය ආරක්ෂා ගැනීම සදහාත් විවිධ ව්යාධි ක්රම හා ව්යයාම ක්රම අනුගමනය කිරීමට ඔවුන් පෙළබි සිටීති. මේ තත්වය හමුවේ ලොව පුරා බොහෝ ජනතාව දැන් යෝග ව්යයාම කෙරෙහි නැබුරුව සිටී. මෙයට ප්රධාන හේතුව නම් යෝග ව්යයාම කිරීමේදී උපකරණ භාවිතයක් නොමැති වීමත්, වෙනත් අහිතකර ශාරීරික බලපෑමක් නොමැති වීමත්, වයස භේදයක් නොමැතිවීමත් නිසා දිනෙන් දින යෝග ව්යයාම ක්රම වෙත ජනතාව වඩාත් නැබුරු වෙමින් සිටී.

 

යෝගයන්නෙහි සරලම අරුත නම් එකකට එකක් සම්බන්ධ වීම යන්නයි. මේ සම්බන්ධය යහපත් එකක් විය යුතුයි. භාරතයේ උපත ලද මේ යෝග දර්ශනය කය හා මනස එක්තැන් කරන, නිරෝගී කරන ශක්තියකින් යුක්තයි. නිරෝගී පුද්ගලයෙක් වීමට නම් මිනිසා ශාරීරික, මානසික, සමාජීය, හා අධ්යාත්මික වශයෙන් පිරිපුන් පුද්ගලයෙක් විය යුතුයි.

 

මේ යෝග ව්යයාම මගින් ශාරීරික, මානසික, සමාජීය හා අධ්යාත්මික වශයෙන් යහපත් සම්බන්දතාවක් ඇතිකර එය ගොඩනැගීම තුලින් මිනිසා සුවපත් භාවයට පත්කරයි.

 

අද පවත්නා කලබල කාරී ජීවන රටාව තුල මිනිසා නානාවිද කායික හා මානසික රෝගී තත්වයයන්ට ගොදුරු වීමේ ප්රවනතාව වැඩිවෙමින් පවතී. මෙයට ප්රධාන හේතුව මිනිසා තුල තිබිය යුතු කායික මානසික සමබර තාවක්නොමැති කමයි. යෝග දර්ශනයට අනුව ජීවියා යනු ශාරීරිය, ඉන්ද්රිය, මනස, ආත්ම යන කොටස් 4 සුසන්යෝජනයක්‌. රෝගී බවට පත්වන්නේ මේ කොටස් 4 රේ සමබරතාව නොමතිවිමෙනි. යෝග දර්ශනයෙන් බලාපොරොත්තු මේ කොටස් 4 සුසංයෝජනය යහපත් අන්දමින් සමබරව පවත්වාගන යාමයි.

 

බොහෝ අයයෝගයනු හුදෙක් ව්යායාමයක් පමණක් යැයි කල්පනා කරයි. මෙය ව්යායාමයකට පමණක් සීමාවූවක් නොවේ. යෝග අභ්යාස වල යෙදීමේදි සිරුරට දැඩි වෙහෙස දෙමින්, හති දමමින් සිදුකරන ව්යායාම ක්රමයක් නොවේ. මෙහිදි සිදුකරනුයේ පුද්ගලයා ශාරීරික වශයෙන් එක් එක් ඉරියව් වලට පුහුණු කිරීම, මානසික ඒකාග්රතාව ඇතිකිරීම, අස්වාස ප්රශ්වාස ක්රියාවලිය ක්රමවත් හා ශාරීරික මානසික සැහැල්ලු බව ඇතිකිරීමයි. මේ තුලින් ලැබියහැකි ප්රතිපල අතිමහත්ය. වත්මන් සමාජය තුල අද බහුලව පවතින බෝනොවන රෝග මදුමේහය (දියවැඩියාව ), අධි රුධිර පීඩනය, හදවත් රෝග, කොලෙස්ටරෝල් අදිකවීම, සන්දි රෝග යනාදී විවිධ මනෝ කායික සම්බන්දතාවක් පවතින රෝග සදහා ප්රතිකාර වශයෙන් මේ යෝග ක්රමය භාවිතා කල හැක.

 

එමෙන්ම කාන්තාවන්ගේ රූප ස්වභාවය පවත්වාගැනීමට ඉතාමත් හොද අභ්යාස ක්රමයක්. එහෙත් සාර්ථක ප්රතිපල ලබාගැනීමට හැකිවනුයේ යෝග අභ්යාස ආරම්භ කලදාසිට ක්රමානුකුලව, අධිෂ්ටානශිලිව කරගන ගියහොත් පමණි. මේ සදහා පිළිගත් පුහුණු උපදේශක වරයෙකුගේ සහාය පැතීම ඉතා වැදගත්. යෝග අභ්යාස ඔබේ ජීවිතයට එකතුකරගන කායික මානසික නිරෝගී පුද්ගලයකු වන්න.

ශාන්තියක්ම වේවා !!!

වෛද් මල්ලිකා කුමාරිහාමි


 රැගෙන යුත්තේ Yoga mat, වතුර බෝතලය සහ face towel එකක් පමණයි. මාසික අය කිරීම රු 2000/= පමණයි. වැඩිදුර විස්තර සඳහා 0715750525 විමසන්න.












CONVERSATION

0 Comments:

Post a Comment